2020 සිංහල දෙමළ අලුත් අවුරුද්ද එළඹෙනවිට අපේ රටේ ජනතාව ඉතා පීඩනයට පත්වී සිටින බව අපි කවුරුත් දන්නා වූ කරුණකි. එමෙන්ම අපි මේ ගත කරන්නේ මුළු මහත් ජගත් ප්‍රජාවම කෝවිඩ් - 19 වෛරසයේ පැතිරීම හේතුවෙන් අතිශය පීඩාවට හා අර්බුදයට පත්වී සිටින මොහොතකය. නිවෙසේ සිටින අය පමණක් රජය මගින් නිකුත්කළ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ආරක්ෂිතව නියමිත චාරිත්‍ර විධි අනුගමනය කරමින් අවුරුදු සමරන්න ඔබ සැම කටයුතු කරන බව අපේ ව්ශ්වාසයයි. ඉවසීමෙන් හා අවබෝධයෙන් යුතුව ජාති,ආගම් බේදයෙන් තොරව මනුෂ්‍යත්වය පෙරදැරිව ඇති හැකි අය නැති බැරි අයට උදවු උපකාර කරමින් මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්ද යහපත් වූ අධිෂ්ඨානයෙන් යුතුව සමරන්න ඔබ සැමට හැකි වේවා යැයි අපි ප්‍රාර්ථනාකර සිටිමු. මෙවර සමරන සිංහළ දෙමළ අලුත් අවුරුද්ද අපේ රටට සෞභාග්‍යය ළඟාකර දෙන සාමයෙන් හා සමගියෙන් යුතුව සියලුම දෙනා හදවතින්ම ඒකාත්මිකවන සුබ අලුත් අවුරුද්දක් වේවා..! එන්. එම්.අමීන් සභාපති ශ්‍රී ලංකා මුස්ලීම් මීඩියා ෆෝරම්