A+ A-

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මෙරිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳ මුස්ලිම් ජනමාධ්‍ය සංසදයේ ශෝක පණිවුඩය.


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මෙරිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳ සිය පවුලේ අයට ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍ය සංසදය සිය සාතිශය ශෝකය පළකර සිටී.

ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස සිය ජනමාධ්‍ය මෙහෙවර ඇරඹූ මෙරිල් මහතා පුවත්පත් කිපයකම සේවය කර දිනපතා දිවයින පුවත්පතේ ප්‍රධාන කතෘ දූරයද දරා ඇත. ඔහු ගත් කතුවරයෙකු මෙන්ම ගීත හා කවි රචකයෙකු වීමද විශේෂත්වයකි.

ඒ මහතා රට තුළ තිබෙන ජාතික හා ආගමික විවිධත්වය අගය කළ කෙනෙකි. හෙතෙම යම් ප්‍රවෘත්තියක් තමන් සේවය කළ පුවත්පතේ පළවූ විට එයට ප්‍රතිචාර දැක්වීමට අනෙක් පාර්ශවයක් ඉල්ලා සිටි විටෙකදී ඒ සඳහා ඉඩ ලබා දීමට තරම් සාධාරණ වූ නිහතමානී මාධ්‍යවේදියෙකි.

ඔහු දැයෙන් සමු ගත්තේ නවක ජනමාධ්‍යවේදීන්ට උගත හැකි පාඩම් පිළිබඳ සිය අත්දැකීම් සහිත පුර්.වාදර්.ශයන් ඉතිරි කර තබමිණි.

පෘතුල අත්දැකීම් හා දැනුමක් සහිතව මාධ්‍ය කටයුතුවල නියැලුනු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මෙරිල් පෙරේරා මහතාගේ වියෝව ජනමාධ්‍ය ක්ෂේත්‍රයට හා රටට ඉමහත් වූ පාඩුවකි.

එන්. එම්. අමීන්
සභාපති
ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍ය සංසදය
2019.09.05